කීරි සම්බා සහල් තොග සන්තකයේ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කළ බණ්ඩාරවෙල වෙළෙඳසලකට එරෙහිව අද (31) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල නිලධාරීන් විසින්.
අධිකාරී පනතේ 16(අ) වගන්තිය උල්ලංඝනය කිරීමට එරෙහිව මෙම නඩු පැවරීම සිදු කර තිබෙනවා.
මෙහිදී සහල් කිලෝ 5 බැගින් වූ කීරි සම්බා පැකට් 224ක් නිලධාරීන් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙසේ භාණ්ඩ සඟවා තබමින් කෘතිම හිඟයක් මවාපාන වෙළෙඳුන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි එම අධිකාරිය උපදෙස් ලබා දී ඇත්තේ.
