මගේ පාලන කාලයේදී ජනතාව කාලා බීලා සන්තෝසයෙන් හිටියා -මෛත්‍රීපාල සිරිසේන-

News Express
1 Min Read
ඕනෑම කෙනෙකු ආණ්ඩුවක් භාරගන්නේ සුන්දර අපේක්ෂාවන් සහිතව වුව ද, 1947 වසරේ සිට සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු බරපතල ප්‍රශ්න ඇති වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
 
යහපාලන ආණ්ඩුව සමයේ මහබැංකු කොල්ලය සහ 19 වන සංශෝධනයෙන් ලබාදුන් බලතල අනිසි ලෙස භාවිත වීම වැනි දේ සිදු වූ බවත්, තමා ඒවාට විරුද්ධ වූ නිසා ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුද මතු වූ බවයි ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
 
තම පාලන සමයේ රජය අභ්‍යන්තරයේ ගැටලු ඇති වුව ද එයින් ජනතාවට පීඩාවක් සිදු නොවූ බවත්, එකල ජනතාව කා බී සන්තෝසයෙන් සිටි බවත් ඔහු පවසා සිටියා.
 
එමෙන්ම, තෙල් මිල අඩු කළ බවත්, වැටුප් වැඩි කළ බවත්, මොරගහකන්ද වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිම කළ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.
 
වර්තමානයේ ආණ්ඩුවට එල්ල වන චෝදනා පිළිබඳව තමා එතරම් සොයා නොබලන බවත්, ඒවා ඡන්දය දුන් පිරිස් සහ රජය විසින් විසඳාගත යුතු කරුණු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *