වොෂින්ටනය ක්‍රියාත්මක කරන පීඩනය සහ තර්ජනය කිරීමේ ප්‍රතිපත්තිය අත්හරින්නේ නම්,
පාකිස්ථානයේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට ඉරානයට හැකියාව ඇති බව ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, යටත් වීම අරමුණු කරගත් සාකච්ඡා ටෙහෙරානය ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්ථානය, පනවා ඇති නාවික අවහිර කිරීම් ඉවත් කිරීමට සහ ඉරිදා දින අමෙරිකානු හමුදා භාරයට ගත් ‘ටූස්කා’ (Touska) නමැති ඉරාන බහාලුම් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය නිදහස් කරන ලෙස අමෙරිකාවට බලපෑම් කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බව ද එම නිලධාරියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.
යුද්ධය අවසන් කිරීම සඳහා පවතින මතභේද විසඳනවා වෙනුවට, වොෂින්ටනය “සෑම දිනකම අලුත් බාධක නිර්මාණය කරන” බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.
