අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර්කරුවන් ලබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.
අදාළ ඩොලර් මිලියන 2.5 ක මුදල ගෙවීම සිදු කළේ කොතැනකට ද සහ එම මුදල් ලැබුණේ කා හටද යන්න පිළිබඳව වහාම සෙවිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හැකර්කරුවන් පිට වරද පටවා, මෙලෙස අනාරක්ෂිත ලෙස මුදල් සොරාගෙන, තමන්ගේම පක්ෂයේ පිරිසකට හෝ වෙනත් අරමුදල්වලට මෙම මුදල් යොමු කළා ද යන්න පිළිබඳව ද සොයා බැලිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.
දිගින් දිගටම මෙවැනි සිදුවීම් සිදු වුවහොත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදු වූවාක් මෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ද ධුරයෙන් නික්ම යාමට සිදු වන බවයි ඔහු පවසා සිටියේ.
ගෝඨාභය මෙන් ‘පැන නොයා’ මෙම ගැටලුවලට පිළිතුරු ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
