වැල්ලවාය ප්‍රදේශයේ කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින්.
2009 වසරේ සැප්තැම්බර් 02 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කර තිබුණා.
එහිදී ඉදිරිපත් වූ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මෙම තීන්දු ලබා දී තිබෙනවා.
ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන සේ වසර 06ක සිර දඬුවම් සහ එක් එක් චෝදනාවට රු. 5,000 බැගින් වූ දඩ මුදල් මෙන්ම අල්ලස් ලෙස ලබාගත් රු. 15,000ක මුදල ද ගෙවන ලෙසයි නියම කර ඇත්තේ.
