තායිලන්තයේ කුෂ් තහනම් නෑ, මේක ආණ්ඩුව විසින්ම මෙහෙය වූ ක්‍රියාවලියක් -කස්සප හිමි-

News Express
1 Min Read

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට පත් වන්නේ ජාතියට සහ ආගමට විරුද්ධ ආණ්ඩුවක් යටතේ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

තායිලන්තය තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය තහනම් නොමැති වුව ද, ශ්‍රී ලංකාව වැනි රටක එය තහනම් බවත්, තායිලන්තය යනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

භික්ෂූන් වහන්සේලා මෙම ජාවාරමට සම්බන්ධ කරගැනීම සඳහා කිසියම් පිරිසක් රහසිගතව හිස මුඩු කර සිවුරු පොරවා ඇති බවට සැක කළ හැකි බවයි ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

අත්අඩංගුවට පත් පිරිස උසස් අධ්‍යාපනය ලබන බවට විවිධ වාර්තා පළ වුව ද, විශ්ව විද්‍යාලවලට පිවිසෙන භික්ෂූන් වහන්සේලාට ඇතැම් දේශපාලන පක්ෂවල ශිෂ්‍ය සංගම් විසින් මාක්ස්වාදී චින්තනය උගන්වා මනස විකෘති කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

එහිදී මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ දේවල්වලට හුරු කරන බවත්, මෙය කිසියම් පක්ෂයක උපායශීලී මෙහෙයවීමෙන් හෝ රජය විසින්ම මෙහෙය වූ ක්‍රියාවලියක් විය හැකි බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *