මහ භාණ්ඩාගාරයේ මූල්‍ය වංචාවත් රාජපක්ෂ ගිණුමට, චමීර පෙරේරාගේ අංජනමට හසුවෙයි!

News Express
1 Min Read

මහ භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම් කිරීම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් රාජ්‍ය ආයතන තුළ සිට මෙහෙයවන ලද බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි.

මෙය හුදෙක් බාහිරින් සිදුවූවක් නොව, ආයතන පද්ධතිය අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් සහගත ක්‍රියාවක් බවට ඔහු චෝදනා කළේය.

රාජපක්ෂවරුන්ගේ සහචරයන් තවමත් විවිධ රාජ්‍ය ආයතනවල බලය අත්පත් කරගෙන සිටින බවත්, ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ දැනට ක්‍රියාත්මක වන විමර්ශන දුර්වල කර ඒවා වෙනතකට යොමු කිරීම බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පවා නිදහසේ සැරිසරමින් මෙවැනි කොල්ලකෑම් පිළිබඳව අදහස් දක්වන උත්ප්‍රාසාත්මක තත්ත්වයක් අද රට තුළ උදා වී ඇති බවද ඔහු මෙහිදී පැවසීය.

මීට අමතරව, පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධවලට සම්බන්ධ පාර්ශවයන්ගේ මුල් බැසගත් ස්ථාන මෙවැනි සිදුවීම් හරහා ක්‍රමයෙන් හෙළිදරව් වෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

එම සහසික අපරාධකරුවන් අනාවරණය කරගැනීමේ ක්‍රියාවලිය යටපත් කිරීම සඳහා මේ වන විට දැවැන්ත ව්‍යායාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙවැනි මූල්‍ය කොල්ලයන් ද එහිම කොටසක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *