කුඩු ගෙනා භීක්ෂූන් ගැන මහා නායක හිමිවරුගේ අනුශාසනා ගන්නවා

News Express
1 Min Read
ගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව කටයුතු කරන බව ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා මහව දී පැවසීය
අමාත්යවරයා මෙසේද කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීත්යානුකූලව ගත යුතු ක්රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගැනීමට කටයුතු කරනව. බලයට පත්වූ දින සිට නීති විරෝධී ක්රියාකාරකම් පිළිබඳව ගත හැකි ක්රියාමාර්ග ගනිමින් සිටිනව. එය සිදු කරන්නේ කෙනකුගේ තරාතිරම බලා නොවෙයි.
නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන ක්රමය කවුරුත් දන්නවා. දුබලයාට එක නීතියකුත් බලවතාට එක නීතියකුත් ක්රියාත්මක වීමට ඉඩකඩක් නෑ. . යම් කෙනෙක් නීති විරෝධීව කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් මැදිහත්වීම් කර ඔහුව නීතිය රැහැණට හසුකර ගැනීමට සියලු පියවර ගන්නවා
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *