විපක්ෂය විසින් වත්මන් ආණ්ඩුවට මහා භාණ්ඩාගාරය භාර දෙන විට එය සම්පූර්ණයෙන් හිස්ව තිබූ බවත්, වත්මන් රජය එය පිරවීමට පියවර ගත් බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
එලෙස හිස්ව තිබූ භාණ්ඩාගාරය නැවත පිරෙමින් පවතින අවස්ථාවක ඩොලර් මිලියන 2.5ක සිදුවීම සිදු වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම සිදුවීම මහ බැංකු බැඳුම්කර වංචාවට සමාන කළ නොහැකි බවත්, මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ද විමර්ශන ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව, දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද සිදු කළේ ද යන කාරණයට එහා ගොස් වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් අවධාරණය කර සිිටියේ.
