ඩොලර් එක බස් ගාස්තුවට සෘජු බලපෑමක් තියෙනවා, බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න

News Express
1 Min Read

ඩොලරය ශක්තිමත් වීම හමුවේ රුපියල අවප්‍රමාණය වීම බස් ගාස්තුවට සෘජු බලපෑමක් ඇති කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, රුපියල අවප්‍රමාණය වීම ලබන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සෘජුවම බලපාන බවයි.

ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 30, රුපියල් 40 දක්වා ඉහළ යා යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් බස් රථ කර්මාන්තයේ සියලුම පිරිවැයන් ඉහළ ගොස් ඇති බවත්, එය සිය කර්මාන්තයට සෘජු බලපෑමක් එල්ල කර ඇති බවත් පැවසූ ගැමුණු විජේරත්න, මෙහි සම්පූර්ණ වගකීම රජය සතු විය යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *