සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

News Express
1 Min Read

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය අද (31) සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ.

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගිය 15 වෙනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

එම චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබුණි.

අදාළ චක්‍රලේඛයට අනුව මැයි මස 31වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ.

ඊට අමතරව තනි භාවිත ප්ලාස්ටික් ආයතනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම නව චක්‍රලේඛයට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 2වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සදහන් විධිවිධාන ද බලාත්මක බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර සිටී.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්“ සංකල්පයට අනුගත වීම එනම් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු වේ.

මෙම චක්‍රලේඛය පරිසර අමාත්‍යංශයේ එකඟතාව ඇතිව නිකුත් කර ඇති බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *