දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යටියල්ලාතොට මාර්ගයේ සිදු වූ අනතුරකින් වයස අවුරුදු 54ක් වූ උඩාරාව ප්‍රදේශයේ පදිංචි ගෝණගංආර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් ධාවනය වූ තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු බුත්තල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදියේ ගමන් කළ පොලිස් සැරයන්වරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකාර යතුරු පැදිකරු බීමත්ව සිට ඇති බවට අනාවරණය වි ඇති අතර බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එමෙන්ම ගන්නෝරුව කටුගස්තොට මාර්ගයේ සිදු වූ අනතුරකින්ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
ගන්නෝරුව කටුගස්තොට මාර්ගයේ දී පේරාදෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
