ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දැවැන්ත ගුවන් මෙහෙයුමක: ඉලක්ක 1,000කට ප්‍රහාර

News Express
1 Min Read

අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහි ගුවන් මෙහෙයුමේ පළමු දිනය තුළ ඉලක්ක 1,000කට වැඩි ප්‍රමාණයකට පහර දුන් බවයි.

‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ආරම්භ වී මුල් පැය 24 තුළ මෙලෙස දැවැන්ත බලයක් මුදා හැර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2003 ඉරාක ආක්‍රමණයෙන් පසු කලාපය තුළ ගොඩනැගූ විශාලතම ගුවන් බලය භාවිතා කරමින්, අමෙරිකාව මෙම මෙහෙයුම ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදා ටෙහෙරාන් වේලාවෙන් පෙරවරු 9:45ටයි.

‘එපික් ෆියුරි’ මෙහෙයුම ඊශ්‍රායලයේ ‘රෝරින් ලයන්’ (Operation Roaring Lion) මෙහෙයුම සමග සමගාමීව ඉතා සමීප සම්බන්ධීකරණයකින් යුතුව දියත් කර තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරානයේ න්‍යෂ්ටික අවි සහ බැලිස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිටින නිශ්චිත ස්ථානය හඳුනාගත් බුද්ධි තොරතුරු මත පදනම්ව ඊශ්‍රායලය සහ අමෙරිකාව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *