මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදු වූ අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු රෝහල්ගත කර තිබෙනවා.
අද උදෑසන 6.30ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසලදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
පාසලේ 13 වැනි වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුන් දෙදෙනා වාර්ෂික මහා ක්‍රිකට් තරගයට අදාළව සංවිධාන කටයුතු නියෝජනය කර ඇති බව සඳහන්.
තරගය නැරඹීමට පැමිණෙන සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු කටයුතු සඳහා ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී, ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
