බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කරයි

News Express
1 Min Read

සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.

එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටින්නේ.

සංචාරක, කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වැවිලි අංශවලට ඉන්ධන සඳහා අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණය තක්සේරු කර ඒ අනුව අමතර ඉන්ධන කෝටා නිකුත් කරනු ලබනවා.

බදාදා හැරුණු විට, අනෙකුත් වැඩ කරන දින හතරේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *