මාතලේ, අකුරම්බොඩ ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුවාගේ පියා විසින් ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 50 හැවිරිදි විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
