හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 කට එරෙහි පැමිණිල්ලක් අගෝස්තු 17 කැඳවීමට නියෝග

News Express
1 Min Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් අගෝස්තු 17 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පැමිණිල්ල අගෝස්තු මස 17 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2022 වසරේ කොළඹ, නිදහස් චතුරස්‍රය අසල නීතිවිරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *