අටමස්ථාන හිමියන් අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, හැබැයි සමාජ මාධ්‍යවලින් වැරදිකරුවෙක් කරලත් ඉවරයි – කස්සප හිමි

News Express
1 Min Read

පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ මේ වන තෙක් අධිකරණයෙන් වැරදිකරුවකු බවට පත්ව නොමැති බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

එවැනි ආකාරයක යම් දූෂණයක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළා.

නමුත් අධිකරණය මඟින් නීතිය ක්‍රියාත්මක වී වැරදිකරුවකු වීමට පෙර, සමාජ මාධ්‍ය පිටුවලින් උන්වහන්සේ වැරදිකරුවකු බවට පත් කර අවසන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කස්සප හිමියන් ප්‍රකාශ කළේ.

භික්ෂූන් වහන්සේලා ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනයට අනුව භික්ෂූන් වහන්සේලාගේ ගැටලු විසඳිය යුතු බව ද, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය යටතේ සංඝාධිකරණ පිහිටවිය හැකි වුව ද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් මෙතෙක් සම්පාදනය කර නොමැති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

පූජ්‍ය පල්ලේගම හේමරතන හාමුදුරුවන් යනු සමස්ත බුද්ධ ශාසනයම නොවන බවත්, උන්වහන්සේ ශාසනයේ වැඩ වසන එකම භික්ෂුව පමණක් නොවන බවත්, උන්වහන්සේ ඉලක්ක කර ගනිමින් බුද්ධ ශාසනයටම පහර එල්ල කිරීම වැරදි සහගත බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *