අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේදී ඇගේ ජංගම දුරකතනය පැහැරගෙන යෑමේ චෝදනාවට විත්තිකාර හිටපු යුද හමුදා සෙබලා මාස හයක අනිවාර්ය සිර දඬුවමක් නියම කර තිබෙනවා.
එසේම, ඊට ආධාර අනුබල දුන් විත්තිකරුගේ සහෝදරියකට සහ තවත් අයෙකුට අත් හිටවූ සිර දඬුවම් නියම කිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ.
හිටපු යුද හමුදා සෙබලා වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස දඩුවම් නියම කෙරුණු අතර, විත්තිකරුට රුපියල් 1,500 ක දඩ මුදලක්ද නියම කෙරුණා.
වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 7කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මෙම හිටපු යුද හමුදා සෙබලා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර මාස තුනකට අධික කාලයක් ගත වුවද අදාළ ඇප කොන්දේසි සපුරාලීමට සැකකරුට මෙතෙක් හැකි වී නැහැ.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය දැනට පවත්වා ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යවා ඇති බව සඳහන් කළ පොලිසිය, වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිටපු යුද හමුදා සෙබලාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරියේදී අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ඇති බවයි සඳහන් කළේ.
