ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවන ලද තවත් අමෙරිකානු ඩොලර් 600,000 ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අදාළ මුදල තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවට අමෙරිකානු තැපැල් සේවය කළ දැනුම්දීමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකා තැපෑල විසින් සිදුකළ මෙම ගෙවීම අතුරුදන් වීම පිළිබඳව මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාළ මුදල ගෙවූ බවට ශ්‍රී ලංකා පාර්ශවය පවසන නමුත්, එය තමන් වෙත නොලැබුණු බව ඇමෙරිකානු පාර්ශවය අවධාරණය කරන බවයි ඔහු සඳහන් කළේ.
මීට පෙරද මෙවැනිම ආකාරයේ මූල්‍ය අතුරුදන්වීම් වාර්තා වී තිබූ පසුබිමක, මෙම සිදුවීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
