පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – සිසුන් 34ක් රෝහලට

News Express
1 Min Read

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා තිබේ.

අද  (28) උදෑසන  7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් කඩිනමින් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ඇත.

අනතුරින් තුවාල ලැබූ ළමුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන බවත්, බගවන්තලාව ප්‍රාදෙශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

අනතුර පිළිබඳව බගවන්තලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *