වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කෙරෙයි

News Express
1 Min Read

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, දන්සැල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර, එම දන්සැල් ලියාපදිංචි කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කර සිටියේ.

එහිදී දන්සැල පවත්වන ස්ථානය සහ එය කුමන ආකාරයේ දන්සැලක්ද යන්න අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළ යුතු වනවා.

ලියාපදිංචි කිරීමෙන් පසුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සියලු දන්සල් සංවිධායකවරුන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *