සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියූ, බුද්ධිමතුන්ගෙන් සපිරි රජයක් බිහි කරනවා කියූ අගමැතිවරිය අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍ය ප්‍රශ්න කරන විට එම සිදුවීමට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට විපක්ෂය විසින් සැකය සංකා ඇත්ත සිදුවීම් ලෙස රටට ඉදිරිපත් කරන්න කටයුතු කරන බවට ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එසේම කුමන දෙයක් සිදුකර හෝ අවධානය ගැනීමට කටයුතු කරන බවට අගමැතිනිය චෝදනා කරනු තමන් දුටු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.
එහෙත් අගමැතිවරිය සත්‍ය වසන් කොට අදහස් පළ කිරීම කණගාටු දායක තත්ත්වයක් බවත්, මෙම මුදල් අස්ථානගත වීම ගැන සැකයක් නොමැති බවත්, එය සත්‍ය බවට මේ වනවිට රජයම පිළිගෙන තිබියදී ඇය මේ පවසන්නේ කුමක්ද යන්න ගැටළුවක් බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
මෙම අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ගෙව්වේ විපක්ෂය හෝ සමගි ජන බලවේගය නොව ආණ්ඩුව බවත් මෙහි ඇති බරපතලම දේ වන්නේ මුදල් සම්බන්ධ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවත් මේ ගැන මාස 4ක් පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන්, ජනතාවගෙන් හා රටෙන් සඟවා තැබූ බවත්, ඔහු සඳහන් කළා.
එසේම මේ ගැන හෙළිදරව් වූ පසු භාණ්ඩාගාර ලේකම් එක් කතාවක් ද නියෝජ්‍ය මුදල් ඇමති තවත් කතාවක් කියන විට අගමැතිවරිය ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියමින් යන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
තවද අහිමි වූ මුදල් ගෙවිය යුත්තේ රටේ පුරවැසියන් බව අගමැතිවරිය අමතක නොකළ යුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 හොරකම් කළා පමණක් නොව මෙම හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාවගෙන් මේ රජය සඟවා ඇති අතර, මේ වනවිට එහි වගකීම නිලධාරීන්ට පටවා ඔවුන්ට චෝදනා කරමින් ඒ ආයතනය තුළම පරීක්ෂණයක් සිදු කරන බව ඔහු පැවසුවා.
එසේම එය පක්ෂග්‍රාහී ක්‍රියාවක් වන අතර, මේ අවස්ථාවේ පූර්ණ නිගමන සනාථ කරන පරීක්ෂණ නොව විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත්, මේ පරීක්ෂණය කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සාභාවකින් බවත්, එහි සභාපති සහ බහුතරය විපක්ෂයෙන් විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
මෑත කාලයේ දී රාජ්‍ය පාලනයේ දුර්වලතාව, නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා සමස්ත රටටම හා ලක්ෂ 220ක් ජනතාවට විශාල පාඩු රැසක් සිදු වු බවත්, දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් ගෙවන්න තිබූ අතර, එම ගණුදෙනුවෙන් පසු ජනවාරි මාසයේ අදාළ ආයතනවලට එම වාරිකය ගෙවී නැති බව දැක ගන්නට ලැබී ඇති බවත්, ඔහු පැවසුවා.
ඉන් පසු රජය මාස 3-4ක් කල්මරා හොර රහසේ මේ ගැන සොයන්න කමිටුවක් පත් කරන අතරතුර ණය කළමනාකරණ ආයතනයට මාර්තු මාසයේදී ලන්ඩන් නුවරදි හොඳම ණය කළමනාකරණ ආයතනය ලෙස සම්මානයට පාත්‍රවන බවත්, මේ සියල්ල මැද ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්, විවිධ ක්‍රමවේද හරහා මේ මුදල් අස්ථානගත වූ බවට විවිධ කතා කිව්වත් තවමත් සත්‍ය අනාවරණය වී නොමැති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
යම් පුද්ගලයන් දෙදෙනකු අතර මුදල් හුවමාරුවක් සිදු වන විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති අතර, මේ ගැන විග්‍රහ කරන විට පවා සමාජ මාධ්‍ය හරහා උපහාසයට අපහාසයට ලක් කළ බවත්, රජයන් දෙකක් අතර පවා මුදල් හුවමාරු වන විට ද මේ ක්‍රම අනුගමනය කළ යුතු වුවත් ඒ ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ඩොලර් මිලියන 2.5ක් අහිමි වී ඇති බවත්, ඔහු පැවසුවා.
සමහර කරුණු සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් වීම අනවශ්‍ය බව අද වන විට ජන සමාජයේ සමහර කොටස්වල මතය වී ඇති බවත්, දැනුම යනු සින්නක්කර දේපලක් නොව බෙදාහැරිය යුතු දෙයක් වුවත් මෙසේ දැනුම බෙදා හැරීමම අද ජන සමාජයේ දැවැන්ත විරෝධයකට ලක්වූ දෙයක් වී ඇති බවත්, දැනුවත්භාවයකින් තොරව 2019, 2024 කාලයේ ජනතාව ගත් තීන්දු තීරණ නිසා අද රටත් ජනතාවත් දැවැන්ත අසරණ වී ඇති බවත්, තොරතුරු දත්ත මත නොව මුදල් මත පදනම් වූ ප්‍රතිරූප ගොඩනැගීමටත් හරයක් නොමැති කතාවලට ඇබ්බැහි වීම නිසා ජනතාව මේ වන විට කලකිරී ඇති බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
