මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම ඊයේ (25) සිදුකෙරුණා.
ඒ, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 35 ක මුල්‍ය පිරිවැයක් දරා තිබෙනවා.
මේ අතර මාස හයක කාලයක් තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදුකර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ.
