ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ..

News Express
1 Min Read
අද (21) මධ්යම රාත්රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ සඳහා පැවති ඉන්ධන ප්රමාණය ලීටර 10 කින් ඉහළ දමා තිබෙන අතර එහි නව ප්රමාණය ලීටර් 25ක්.
ත්රී රෝද රථ සඳහා පැවති ඉන්ධන ලීටර 15ක ප්රමාණය 5කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්රමාණය ලීටර 20ක්.
මෝටර් බයිසිකල් සඳහා පැවති ලීටර 5ක ප්රමාණය ලීටර 3කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්රමාණය ලීටර 8ක්.
මේ අතර බස් රථ සඳහා පැවති ඉන්ධන ලීටර ප්රමාණය ලීටර 40 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්රමාණය ලීටර 100ක්.
එමෙන්ම වෑන් රථ සඳහා පැවති ඉන්ධන ප්රමාණය ලීටර 10 කින් ඉහළ නංවා ඇති අතර එහි නව ප්රමාණය ලීටර 50ක්.
මේ අතර ඉඩම් වාහන සඳහා පැවති ලීටර 25 ලීටර 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්රමාණය ලීටර 40ක් බව සඳහන්.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *