ඉරාන රජය ප්‍රසිද්ධියේ විවිධ ප්‍රකාශ නිකුත් කළද, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡා ඉතා සාර්ථක අයුරින් ඉදිරියට යන බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉරාන බලධාරීන් ප්‍රසිද්ධියේ පවසන දේ සහ පෞද්ගලිකව ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන කරුණු අතර විශාල වෙනසක් පවතින බවයි.
ඉරානය සමඟ පවතින සාකච්ඡා “යහපත් මට්ටමකින්” සිදුවන බවත්, එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ලීවිට් අවධාරණය කළ බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
“ඉරාන පාලන තන්ත්‍රයෙන් ඔබ අසන ප්‍රසිද්ධ ප්‍රකාශ සහ අසත්‍ය වාර්තා මොනවා වුවත්, සාකච්ඡා හොඳින් සිදුවෙනවා. ඔවුන් ප්‍රසිද්ධියේ පවසන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් පෞද්ගලිකව අප වෙත සන්නිවේදනය කරනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
