ඉරාන පාලනය තලා දමන බවට ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු පවසයි

News Express
1 Min Read

යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ ඉරාන පාලනය තලා දමන බවයි.

මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරාන පාලනය සහ ලෙබනනය පදනම් කරගත් ෂියා මිලීෂියා කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයන් යන දෙකම තලා දමන බවත් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිට ප්‍රසිද්ධියේ තම මුහුණ පෙන්විය නොහැකි බවත් ප්‍රකාශ කර සිටි අතර ඔහු විප්ලවවාදී ආරක්ෂකයින්ගේ රූකඩයක් ලෙසද ඔහු එහිදී පවසා සිටියා .

එසේම ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ඉරාන ජනතාව අමතමින්, කියා සිටියේ “ඔබට නිදහසේ නව මාවතකට පිවිසීමට හැකි වන මොහොත ළඟා වෙමින් තිබෙන අතර. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු,ඔබට උදව් කරන්නෙමු, නමුත් අවසානයේ එය ඔබ මත රඳා පවතී. එය ඔබගේ අතේ ය “.යනුවෙන් ප්‍රකාශ කර සිටි බව බී.බී.සී විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *