ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට..

News Express
1 Min Read
බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත.
මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්රකාශ කරයි.
ඊයේ (21) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුණු අතර එය සියයට 31ක වැඩිවීමක් බව එම සංගමය පෙන්වා දෙයි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *