හැකි නම් ඡන්දයක් පවත්වන ලෙස රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසනවා.
රජය ප්‍රකාශ කරන පරිදි ඔවුන් ජනප්‍රිය දේශපාලන පක්ෂයක් නම් සහ රටේ ජනතාව ඔවුන්ව පිළිගන්නේ නම්, මැතිවරණයකට මුහුණ දීමේ ගැටලුවක් ඔවුන්ට තිබිය නොහැකි බවයි ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
මැතිවරණයක් පැවැත්වූ පසු රටේ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කෙබඳු ද යන්න ජනතාව තුළින්ම දැකගත හැකි වනු ඇති බව ද එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගෙන බලවේගය සම්බන්ධයෙන් වත්මන් රජය බියට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙන අතර, ආණ්ඩුව බලයට පත් වූ දිනයේ සිටම කතා කරන්නේ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
