දංගෙදර ඝාතනයට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

News Express
1 Min Read

ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී ඉකුත් 12 වනදා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකදීය.

ඒ අනුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) දින දහවල් බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගහ හන්දිය ප්‍රදේශයේදී ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 810ක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ද ඉකුත් 23 වනදා ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉකුත් 12 වනදා උදෑසන 7:30ට පමණ මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *