හොරු ඇල්ලීමට පැමිණි ආණ්ඩුව, අද වන විට හොරු ඇල්ලීම දේශපාලනීකරණය කර රංගනයක් බවට පත් කර ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.
හොරු ඇල්ලීමේ මුවාවෙන් තමන්ට අවශ්‍ය දේ ප්‍රකාශ නොකළහොත්, පුද්ගලයන්ට බලපෑම් කරමින් සහ තර්ජනය කරමින් තමන්ට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට බලධාරීන් උත්සාහ කරන බවයි ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මාලිමා දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ පිරිස් පත් කර සිදු කරන මර්දනය හා නීතිවිරෝධී බොරු රංගනය වහාම නැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කළා.
තමන් හොරු ඇල්ලීමට කැමති වුව ද, එය ස්වාධීනව සිදු විය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන අතර, ආණ්ඩුව රැකගැනීම සඳහා සංදර්ශනයක් ලෙස හොරු ඇල්ලීම සිදු නොකර, ස්වාධීනව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
