මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවත්, විදුලිය කප්පාදු කිරීමට සිදු වන අවස්ථාවක් ද පැමිණිය හැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
වත්මන් රජයේ කළමනාකාරීත්වය හේතුවෙන් එක විනාඩියක් හෝ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන බවත්, නමුත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන අවස්ථාවක් තිබිය හැකි බවත් අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ජනතාවට සහන සලසමින්, කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම පවතින තත්ත්වය මත ඉදිරියට ගෙන යාමට රජය උත්සාහ කරන බවත්, මේ තත්ත්වය පිළිබඳ පෙර පුරෝකථනයන් ලබාදීමට කිසිවකුට නොහැකි බවයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
