කිරිඳිවැලදී 78 හැවිරිදි කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ: 61 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

News Express
1 Min Read
කිරිඳිවැල පොලිස් වසමේ හිස්වැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ තනිව ජීවත් වූ 78 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
මෙම කාන්තාව ඊයේ (18) සිය නිවස තුළ මියගොස් සිටින බවට කිරිඳිවැල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබු බවයි පොලිසය සඳහන් කළේ.
මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිකාරියක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාවගේ ගෙලෙහි රෙදි පටියක් ගැටගසා තිබූ බවත්, ඇයගේ කන් ප්‍රදේශයේ තුවාල දක්නට ලැබුණු බවත්ය.
නිවෙස තුළ ඉතා සැකකටයුතු ලෙස සිරුර හමුවීම හේතුවෙන් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය නිගමනය කර තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව, වයස අවුරුදු 61ක් වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය සඳහන් කරනවා.
මෙම ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *