ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය ගැසට් කෙරේ

News Express
2 Min Read

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සදහා පැවැත්වෙන තරග විභාගය සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අද සිට අයදුම් කළ හැකියි.
සෙසු උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සැලසෙන්නේ ලබන 20 වැනිදා සිටයි.
කෙසේවෙතත් ගුරු පුරප්පාඩු පිරවීම හා ඊට අදාළ ගැසට් නිවේදනය තුළ ගැටලු රැසක් පවතින බව ගුරු විදුහල්පති සංගම් චෝදනා කරනවා.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සදහා පැවැත්වෙන තරග විභාගය සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අද පෙරවරු 9 සිට ලබන 19 වැනිදා දක්වා අයදුම් කළ හැකි වනවා.
ගැසට් නිවේදනයට අනුව දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වයස් සීමාව 2023 පෙබරවාරි 10 වැනිදාට අවුරුදු 45ට නොවැඩි විය යුතුයි.
එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් සඳහා වයස් සීමාව 2023 පෙබරවාරි 10 වන දිනට අවුරුදු 40ට නොවැඩි විය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන්.
මේ අතර ගුරු සේවයේ පුරප්පාඩු පිරවීමට අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පවතින බව ගුරු විදුහල්පති සංගම් පෙන්වා දෙනවා.

මේ අතර, පාසල් ගුරුවරු සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා සේවය කරන පාසලට තම දරුවන් ඇතුළත් කර ගැනීමට ලබා දී තිබූ වරප්‍රසාදය අහිමි කිරීමට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ වුණා.
විරෝධතාකරුවන් ඊට සහභාගී වී සිටින්නේ සිය දරුවන්ද සමගින්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *