මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380 ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදු කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය පවසනවා.
අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380 ක් පමණ, 2023 වසරේදී ගෙවීම් සිදු කළ කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිදු කළ මෙම ප්‍රකාශය අසත්‍ය සහ නොමඟ යවන සුලු එකක් බවත්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අදාළ නිවේදනය මඟින් දක්වා තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මෙම කරුණ සමාලෝචනය කරමින් සිටින අතර, අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
