ප්‍රදේශ කිහිපයකට අද හවසට ගිගුරුම් සහිත වැසි

News Express
1 Min Read

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්  ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

නැගෙනහිර  වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, වයඹ  සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *