පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා 29 වැනිදා දක්වා රිමාන්ඩ්

News Express
1 Min Read
කාන්තාවකට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියෝග කර තිබෙනවා.
සැකකාර මන්ත්‍රීවරයා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවකට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම සිදුවීම සඳහා ඉඩම් ආරවුලක් මුල් වී ඇති බවත්, අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා පවසන අතර, තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටින බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබුණා.
එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය පිස්තෝලය සුරතේ තබා ගෙන තර්ජනය කර තිබුණා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *