පුතාගේ අතින් පියා මරුට

News Express
1 Min Read

මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ලද පණිවිඩයක් මත මාතලේ පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සිය පුත්‍රයා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, වයස අවුරුදු 33ක් වන සැකකරු අත්අඩංගුවට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *