බලපත්‍ර නොමැතිව කුඩා ලොරි රථයකින් පෙට්‍රල් ඉන්ධන ලීටර් 65ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිරදඬුවම් නියම කිරීමට ගල්කිස්ස අංක (01) මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම සිරදඬුවම නියම කළ අතර, එමෙන්ම රුපියල් 2,500ක දඩයක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා, එම දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක අමතර සිරදඬුවමක් විඳිය යුතු බවටද නියෝග කර තිබෙනවා.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව, ඉකුත් 18 වැනිදා වැල්ලවත්ත ගාලු පාරේ රාමක්‍රිෂ්ණ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී ලොරි රථයේ තිබූ ලීටර් 20 ප්ලාස්ටික් බුලි 03ක් සහ ලීටර් 05ක බුලියක බහා තිබූ පෙට්‍රල් තොගය සිය භාරය ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
