මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලද බව කියන ඩොලර් මිලියන 2.5ක මුදල සයිප්‍රසය වැනි Safe Haven එකක් වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බව ‘දිනන දකුණ’ සංවිධානයේ ප්‍රධානියකු වන නීතිඥ ශිරාල් ලක්තිලක ප්‍රකාශ කරයි.
මෙවැනි දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව තිබියදීත්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.
මෙම සිද්ධියේ ඇති බරපතළම කරුණ වන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අවසන් මොහොත දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති වීම බව ලක්තිලක මහතා අනාවරණය කළේය.
රජයේ මුදල් අතුරුදන්ව ඇති පසුබිමක පවා විධිමත් අපරාධ විමර්ශන අංශ වෙත තොරතුරු ලබා දීමට පියවර නොගැනීම ගැටලුසහගත බව ඒ මහතා පෙන්වා දෙයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුවට පවා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මැදිහත් වීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව වාර්තා කර නොමැති නිසා බව ඔහු පවසයි. එමෙන්ම රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව පවා මෙම බරපතළ තත්ත්වය පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති බව ලක්තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශය විසින් අදාළ තොරතුරු පාර්ලිමේන්තුවෙන් සහ වගකිවයුතු විමර්ශන අංශවලින් වසන් කිරීම හරහා මෙම මූල්‍ය වංචාවේ සුලමුල සෙවීමට ඇති අවස්ථාව ඇහිරී ඇති බවට ඔහු චෝදනා කරයි.
