මැයි 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700 ක මුදලක් ලැබීමට නියමිතයි – අනිල් ජයන්ත

News Express
1 Min Read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මේ මස 27 වැනිදා ඩොලර් මිලියන 700 ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මේ වර්ෂය ඇතුළත ඩොලර් මිලියන 480 ක් දක්වා ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි.

මීට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් සහ තවත් අනුබද්ධ ආයතනයකින් ඩොලර් මිලියන 50 ක් ලැබීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මූල්‍ය දායකත්වයන් හේතුවෙන් ඉදිරි ආර්ථික තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් මතු නොවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *