රවීරවී – අර්ජුන් අල්ලස් නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 14 වැනිදා

News Express
1 Min Read

අල්ලස් පනත යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (06) දින නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර, වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට නියම කළා.

2016 වසරේ පෙබරවාරි මස 12 වැනිදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණායක අදාළ නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රවි කරුණායකට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව එම කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *