සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

News Express
1 Min Read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

දැඩි ආරක්ෂක විධිවිධාන මැද සුරේෂ් සලේ අධිකරණයට රැගෙන විත් ඇති අතර, ඔහුට අදාළ නඩුකරය අද දහවල් කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, සුරේෂ් සලේ ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතිනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *