ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රු. 3,690.00ක්ව පැවති 12.5kg සිලින්ඩරයක් රු 300.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 3,990.00ක්.
එමෙන්ම රු 1,482.00ක්ව පැවති 5kg සිලින්ඩරය රු 120.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 1,602.00ක්.
මේ අතර රු 694.00ක් ලෙස පැවති 2.3kg සිලින්ඩරය රු.56.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 750.00ක් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.
