බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
