යුද්ධය අවසන් කළ හැකි ඕනෑම මැදිහත්වීමකට සූදානම් – ඉරාන විදේශ ඇමති..

News Express
1 Min Read
යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි ඕනෑම මැදිහත්වීමක් පිළිගන්නා බව ඉරානය පවසනවා.
එරට විදේශ අමාත්ය අබ්බාස් අරග්චි, ජපාන ප්රවෘත්ති සේවයක් වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ, එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් සවන් දීමට සහ ඒවා සලකා බැලීමට තම රට සූදානම් බවයි.
කෙසේ වෙතත්, යුධ ගැටුම් සදහා විසඳුම් සෙවීමට ඇතැම් රටවල් උත්සාහ කළද, ඇමරිකාව සිය ආක්රමණශීලී පිලිවෙත නතර කිරීමට සූදානම් බව දක්නට නොමැති බව ද ඉරාන විදේශ අමාත්යවරයා එහිදී ප්රකාශ කර තිබෙනවා.
ඉරානය හුදු සටන් විරාමයක් පමණක් අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට යුද්ධයේ ස්ථිර අවසානයක් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *