ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස..

News Express
2 Min Read
ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ළඟවීමට නියමිත බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
“මාර්තු 7,8 දිනවල පෙට්රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.
ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි” යැයි පැවසීය.
මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්රමාණයන් පිළිබඳව අමාත්යවරයා මෙලෙස අදහස් දැක්වීය.
අප්රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්රින් ටොන් 30,000ක්
අප්රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්රින් ටොන් 35,000
අප්රේල් 16 සහ 17 – පෙට්රල් මෙක්ට්රින් ටොන් 30,000ක්
අප්රේල් මාසයට නියමිත මෙක්ට්රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි.
ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්යවරයා මෙහිදී පැවසීය.
රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්යවරයා සඳහන් කළේය.
එසේ සිදුවුවහොත් තෙල්වලට පමණක් නොව සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්යවරයා කියා සිටියේය.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *