වාද්දූවේදී නොමග ගිය ‘සාගරිකා’ මුහුදුබඩ දුම්‍‍රිය මාර්ගයේ දුම්රිය දාවනයට බාධා

News Express
1 Min Read

බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී ඇති බව සඳහන්.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ මරදාන සිට වාද්දුව දක්වා ධාවනය වන අතර බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය පානදුර සහ දකුණු කළුතර දක්වා සීමා කොට තිබෙනවා.

මෙම පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන් වෙනවා.

අදාළ දුම්රිය කොටස් දෙකකට වෙන්ව ඇති අතර, මේ හේතුවෙන් එම දුම්රියේ රාජකාරි සඳහා පැමිණෙන බොහෝ දෙනෙකු දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *