කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායක් වන BCC ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රගතිය සහ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවක් නි.ඇමතිවරයා සමග පසුගිය දා පැවතුනා..
ඒ සමගම ඈවර දැමීමට නියමිතව තිබූ මෙම ආයතනය රු.ලක්ෂ 500 ක ලාභාංශවලින් කොටසක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදී තිබුනා..
කලකට පෙර ඈවර කිරීම සඳහා යෝජනා වී තිබූ මෙම ආයතනය අද ලාභ ලබන මට්ටමකට පත් කිරීම සැබෑ වශයෙන්ම ගෞරවයට පාත්‍ර විය යුතු ජයග්‍රහණයකි.
අභියෝග හමුවේ පසුබැසී නොසිටිමින්, නිවැරදි කළමනාකරණය සහ කැපවීම තුළින් රාජ්‍ය ව්‍යවසායක් නැවත ලාභදායී මට්ටමකට ගෙන යා හැකි බව ඔබ සැම මෙහිදී තහවුරු කර තිබෙනවා. මෙය තවත් මෙවැනි ලාබ ලැබූ රාජ්‍ය ආයතන අතරට එකතු වීම රටක් ලෙස රාජ්‍ය ආයතන වල සිදුවන මෙම පරිවර්ථනය පැසසිය යුත්තක්.
2025 ජනවාරි සිට මේ දක්වා බී.සී.සී. ලංකා ආයතනය විසින් සිදුකර ඇති ප්‍රධාන කාර්යයන් කිහිපයක් කිවහොත්.
පොල්තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය නවීකරණය කර වැඩිදියුණු කිරීම
නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කරමින් බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ නව නියෝජිතයින් පත් කිරීම
බෙදාහැරීම් කටයුතු සඳහා නවීන ලොරි රථයක් මිලදී ගැනීම
නවතා තිබූ බී.සී.සී. නිෂ්පාදන නැවත ආරම්භ කිරීම
නවීන පහසුකම් සහිත සම්පූර්ණ රසායනාගාරයක් ඉදිකිරීම
නව නිෂ්පාදනයක් ලෙස “බී.සී.සී. පහන් තෙල්” හඳුන්වා දීම
ආයතනික ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරමින් අලෙවි අංශය පරිගණකගත කිරීම
පැරණි බැරල් නිෂ්පාදන කම්හල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම
උපයාගත් ලාභයෙන් රුපියල් මිලියන 50ක මුදලක් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලබා දීම
“හෙළ බොජුන් අවන්හල්” ව්‍යාපෘතිය සහ “සුපිරි වෙළඳසැලක්” ඉදිකිරීම ඇතුළු පරිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම
