මෙරට රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයකට පරිවර්තනය කර ගැනීමට අවස්ථාව

News Express
1 Min Read

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ පෑ රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, දෙරට අතර ඇති කරගත් රියදුරු බලපත්‍ර අන්‍යොන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licences) මෙම මස සිට බලාත්මක කර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කළ දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තැබූ අතර, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතු සාර්ථකව අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගිවිසුම යටතේ, ඉතාලියේ වසර 6 ක කාලයක් පදිංචිව සිටින වැසියන්ට, ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමකින් තොරව සිය ජාතික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයකට පරිවර්තනය කර ගැනීමට සුදුසුකම් ලැබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *